Sunday, September 18, 2011

ෂර්ලොක් ‍හෝම්ස් පුරාවෘත්ත

===== වායු රයිපලය === 02 කොටස

පිහිනුම් තටාකයට ආසන්නයේ උඩුබැලි අතව වැටී තිබූ සිරුරේ වෙඩි උණ්ඩ දෙකක් විය... ඒ පපුවටම කිඳා බැස තිබුණි....

සිරුර පිරික්සූ හෝම්ස් ඊළඟට පාදයේ සිට වෙඩි වැදුණු ස්ථායට උස මැන්නේය මඳක් කල්පනාවේ නිග්මව සිටි හෝම්ස් එතැන සිට ගෙන වෙඩි තැබූ ජනේලය දෙස බලා සිටින්නට විය.

මේ තියෙන්නෙ හෝම්ස් මහත්මයා....අර අනික් උණ්ඩ බලන්න ඒවා මේ බිත්තියට කිඳා බැහැල තියෙන හැටි..

පොලිස් පරීක්‍ෂක උප්ල් මහත්මයා බිත්තියට කිඳා බැස තිබූ අනෙක් උණ්ඩ තුන පෙන්වමින් පැවසීය..

කෝ බලන්න....... ?

හෝම්ස් තම ලෙන්සය ගෙන ඊට ලංවිය.....

ඇත්තටම ජානක මහත්මයා මේ වායුරයිෆලය කියන දේ කොච්චර බලගතුද බලන්න...බලන්නමේ පතුරම් තුනම කිඳා බැහැල තියෙන විදිහ.....හරියටම අඟල් භාගයක් විතර ඒකත් ඝනකම් සිමෙන්තියට......

ඒක නම් එහෙම තමා .......අපි දැං උණ්ඩයි මළසිරුරයි පරීක්‍ෂණ වලට යවන්නයි හදන්නෙ.. ඔබගෙ පරීක්‍ෂණ ඉවර කළා නම්....

ඉවරයි.... ඉවරයි.... අටගන යන්න මොනව හරි විහේෂයක් තියෙනවනම් මටත් කියන්න...මට තව එක දෙයයි බලන්න තියෙනනෙ......යි පැවසූ හෝම්ස් බිම සිට බිත්තියේ වෙඩි වැදී තිබූ උසද මැනගත්තේය.... දැං ඒකත් හරි....

මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...

” හෝව් ...හෝව්.... පොඞ්ඩක් ඉන්න....” කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා..... ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...

ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?

ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ලැබුණ. බොහෝ වෙලාවටඒ සෙනසුරාද ලූ.

හොඳයි දැන් කෝ මේ මහත්මිය...?

එතුමියගෙන් අපේ නිලධාරීන් කට උත්තරයක් ගන්නව...ඇතුලෙ ඉන්නෙ අපිත් යමුද ?

ආහ්.....නෑ..... ඕන නෑ...කට උත්තරයෙ පිටපතක් මට ලැබෙයිනෙ ?

සත්තකින්ම..

එහෙමනම් කමක් නෑ.. මම කැමතියි මේ ගෙදර වහලෙට නගල බලන්න....මේ වහලට කොහොමද අවට පේන්නෙ කියල....

ඔබේ කැමැත්තක් හෝම්ස් මහත්මයා...

උපුල් ඔබ ඔහොම ජානක එක්ක ඉන්න ටික වෙලාවක්....මම ඉක්මනට එන්නම්..

යි පවසා හෝම්ස් නිවස දෙසට පියනැගුවේය...

විනාඩි කිහිපයකින් හෝම්ස් වහලයේ සිටිනු අපට දැක ගත හැකි විය.හෝම්ස් වහලයේ කොණකට ගොස් එතැන සිට ගෙන අප දෙස මඳ වේලාවක් බලා සිටියේය.. ඉන්පසු වහා නැමී වහල පිරික්සන්නට විය....එතැනින නොනැවතුනු ඔහුවහල දිගේ ඇවිදින්නටද තැන් තැන් වල නතර වෙමින් බලාසිටින්නට ද විය..වහල දෙසත් අප දෙසත් වරින් වර බැලූ හෝම්ස් වහලේ අනෙක් පැත්තට වූයෙන් අපගේ පෙනීමෙන් ඉවත්විය...........

---------------------------------- කුරුළු ය ------------------------------------

ෂර්ලොක් හෝමස් පුරාවෘත්ත 01

====== වායු රයිෆලය කොටස 01======

ඔබට හොදටම විශ්වාසද ඔහු ඉලක්කය අරන් තියෙන්නෙ මෙතැන ඉ`දන් කියල?

මොනව අහනවද හෝම්ස් මහත්මයා....මෙතැන තුවක්කුවත් ඒ අටවපු විදිහටම තියෙනකොට.

” අපිට මෙයින් පිටවුණු උණ්ඩ දෙකක පස්සා කොපුත් හමුවුණා...අපේ දෙපාර්ත මේන්තුවට සැකයක් නෑ ....මිනී මැරුමට පාච්චි කරපු ගිනි අවිය ඒකමයි...” උප පොලිස් පරීක්‍ෂක ජානක මහත්මයා පැවසීය...

ඒ පිළතුරෙන් සෑහීමකට පත් නොවූ හෝම්ස් නැවත වායු රයිෆලයට තම නෙත තබා ඉලක්කයට මෑනීය. ඒ... ඝාතනය සිදුවූ ස්ථානයටය.....

එවර හෝම්ස් වායු රයිෆලය එහාට මෙහාට කිරීට උත්සාහ ගත් නමුත් එය එම ස්ථානයේම සවිකර තිබුණි. එය සෙලවිය හැකිවූයේ යම් කෝණයකට පමණි.

හො`දයි ඔය අපරාධකාරයා පැනල ගිහිල්ල තියෙන්නෙ සිවිලිමෙන් කිවුව නේද ?

ඔව් හෝම්ස් මහත්මයා අර තියෙන්නෙ ඒ සිදුර..මින්හ කලින් ඉ`දලම එතැන සිදුරක් හදාගෙන ඉදල තියෙනවා.......

උප පොලිස් පරීක්‍ෂක ජානක මත්මයා පෙන්වූ ඒ සිදුර යටට ගිය හෝම්ස් ම`ද වෙලාවක් ඒ දෙස බලාසිට එය නැ`ගුනේය.... හෝම්ස් නැවත අපිට එකතු වූයේ හරියටම විනාඩි පහකට පසුවය...

එතකොට ජානක, ඒ මනුස්සයා මෙතැනින් වහලෙට නැගල එහා පැත්තෙවත්තට පැනල බේරිල ගියා කියලද කියන්නෙ ?

ඔව් හෝම්ස් මහත්මයා...ඔවුන් කණ්ඩායමක්ම ඇවිත් තියෙනවා...මෙයා මෙතැන වෙඩි තියනකන් කට්ටිය බලාගෙන ඉ`දල තියෙනව එහාපැත්තෙ ග්‍රෙනේඞ් බෝම්බ පාවිච්චියට... එක බෝම්බයක් පාවිච්චි කරල තියෙනව වාසනාවට ඒක පත්තු වෙලා නෑ...

ඒ ඇත්ත ඒ වත්තෙ පිරිසක් ගැවසුණු ලකුණු හො`දටම තිබුණ...

මේකහරිම සංකීර්ණ ගැටළුවක් උපුල්...මට ටිකක් හිතල බලන්න වෙනව.මේකෙ නොපැහැදිලි තැන් කිහිපයක්ම තියෙනව...

නොපැහැදිලි තැන්....? වෙන්න බැහැ හෝම්ස් මහත්මයා අපේ දෙපාර්තමේන්තුවට පාර අහුවෙලයි තියෙන්නෙ..... මේ පාර අපි හරි..

ඇමතිතුමාට වෙඩි තියපු අය මාස ගණනක් මෙතැන හැංගිල ඉ`දල තියෙනවා.. මේ නිවස කුලියට අරගෙන තියෙන්නෙ ඒ අයගෙ සැලසුම ක‍්‍රියාත්මක කරන්නයි..අපිට හො`දටම විශ්වාසයි එදා වෙඩි තියපු කෙනා මෙතැන ඉ`දන් මේ රයිෆලයෙන් වෙඩි පහක් තියල තියෙනව.. ඒ පහෙන් දෙකක් ඇමතිතුමාට වැදුණ, අනික් තුන තවමත් තියෙනව ඒ කෙලින්ම තියෙන තාප්පයට කිඳා පැහැපු ගමන්...බලන්න මේ රයිෆලය එළියට නොපෙනෙන්න , ලෙන්සයයි තුවක්කු කටයි දාන්න පුළුවන් විදිහට මෙතැන හදල තියෙන හැටි..ඉතිං අපිට තවත් සැක මොනවද ?... දං ඉතිරි නෙලා තියෙන්නෙ සාක්ෂියි, කට උත්තරයි වලින් ඝාතකය හොයා ගන්න එක...

හෝව්....හෝව්... ජානක මහත්මයා..... මොකක්ද කිවුවෙ.. උණ්ඩ පහක් ?..මම ඒක කලින් දැනගෙන හිටියෙ නැහැනෙ...උණ්ඩ තුනක් තාප්පෙ තතවම තියෙනවද ? එහෙමනම් හරි.. ඒ වෙඩි තුන වැදිල තියෙන්නෙ කොයි හරියෙන්ද කියල මට පෙන්වන්න පුළුවන්ද ?

ඔය තුවක්කුවෙ ලෙන්සයෙන්ම බලන්න හෝම්ස් මහත්මයා...එතකොට පෙනේවි..බලන්න බිම ඉ`දල අඩි එකහමාරක් , දෙකක් උඩින් වෙඩි තුනම ඇති...

ඔහ්....හෝ... පැහැදිලියි.... පැහැදිලියි... හරිම පැහැදිලියි....ඒ වුණාට උපුල් මහත්මයා මෙතන වැටිල තියෙන්නෙ පතුරම් කොපු තුනයිනෙ යෝ අනික් දෙක ?

හැබෑට....ඒක නම් එහෙම තමා... ඒ වුණාට ඒකෙන් වැඩක් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.....

එහෙමනම් අපි යමු සිරුර තියෙන තැනට..

---------------------------------- කුරුලු ය -------------------------------