====== වායු රයිෆලය කොටස 01======
ඔබට හොදටම විශ්වාසද ඔහු ඉලක්කය අරන් තියෙන්නෙ මෙතැන ඉ`දන් කියල?
මොනව අහනවද හෝම්ස් මහත්මයා....මෙතැන තුවක්කුවත් ඒ අටවපු විදිහටම තියෙනකොට.
” අපිට මෙයින් පිටවුණු උණ්ඩ දෙකක පස්සා කොපුත් හමුවුණා...අපේ දෙපාර්ත මේන්තුවට සැකයක් නෑ ....මිනී මැරුමට පාච්චි කරපු ගිනි අවිය ඒකමයි...” උප පොලිස් පරීක්‍ෂක ජානක මහත්මයා පැවසීය...
ඒ පිළතුරෙන් සෑහීමකට පත් නොවූ හෝම්ස් නැවත වායු රයිෆලයට තම නෙත තබා ඉලක්කයට මෑනීය. ඒ... ඝාතනය සිදුවූ ස්ථානයටය.....
එවර හෝම්ස් වායු රයිෆලය එහාට මෙහාට කිරීට උත්සාහ ගත් නමුත් එය එම ස්ථානයේම සවිකර තිබුණි. එය සෙලවිය හැකිවූයේ යම් කෝණයකට පමණි.
හො`දයි ඔය අපරාධකාරයා පැනල ගිහිල්ල තියෙන්නෙ සිවිලිමෙන් කිවුව නේද ?
ඔව් හෝම්ස් මහත්මයා අර තියෙන්නෙ ඒ සිදුර..මින්හ කලින් ඉ`දලම එතැන සිදුරක් හදාගෙන ඉදල තියෙනවා.......
උප පොලිස් පරීක්‍ෂක ජානක මත්මයා පෙන්වූ ඒ සිදුර යටට ගිය හෝම්ස් ම`ද වෙලාවක් ඒ දෙස බලාසිට එය නැ`ගුනේය.... හෝම්ස් නැවත අපිට එකතු වූයේ හරියටම විනාඩි පහකට පසුවය...
එතකොට ජානක, ඒ මනුස්සයා මෙතැනින් වහලෙට නැගල එහා පැත්තෙවත්තට පැනල බේරිල ගියා කියලද කියන්නෙ ?
ඔව් හෝම්ස් මහත්මයා...ඔවුන් කණ්ඩායමක්ම ඇවිත් තියෙනවා...මෙයා මෙතැන වෙඩි තියනකන් කට්ටිය බලාගෙන ඉ`දල තියෙනව එහාපැත්තෙ ග්‍රෙනේඞ් බෝම්බ පාවිච්චියට... එක බෝම්බයක් පාවිච්චි කරල තියෙනව වාසනාවට ඒක පත්තු වෙලා නෑ...
ඒ ඇත්ත ඒ වත්තෙ පිරිසක් ගැවසුණු ලකුණු හො`දටම තිබුණ...
මේකහරිම සංකීර්ණ ගැටළුවක් උපුල්...මට ටිකක් හිතල බලන්න වෙනව.මේකෙ නොපැහැදිලි තැන් කිහිපයක්ම තියෙනව...
නොපැහැදිලි තැන්....? වෙන්න බැහැ හෝම්ස් මහත්මයා අපේ දෙපාර්තමේන්තුවට පාර අහුවෙලයි තියෙන්නෙ..... මේ පාර අපි හරි..
ඇමතිතුමාට වෙඩි තියපු අය මාස ගණනක් මෙතැන හැංගිල ඉ`දල තියෙනවා.. මේ නිවස කුලියට අරගෙන තියෙන්නෙ ඒ අයගෙ සැලසුම ක‍්‍රියාත්මක කරන්නයි..අපිට හො`දටම විශ්වාසයි එදා වෙඩි තියපු කෙනා මෙතැන ඉ`දන් මේ රයිෆලයෙන් වෙඩි පහක් තියල තියෙනව.. ඒ පහෙන් දෙකක් ඇමතිතුමාට වැදුණ, අනික් තුන තවමත් තියෙනව ඒ කෙලින්ම තියෙන තාප්පයට කිඳා පැහැපු ගමන්...බලන්න මේ රයිෆලය එළියට නොපෙනෙන්න , ලෙන්සයයි තුවක්කු කටයි දාන්න පුළුවන් විදිහට මෙතැන හදල තියෙන හැටි..ඉතිං අපිට තවත් සැක මොනවද ?... දං ඉතිරි නෙලා තියෙන්නෙ සාක්ෂියි, කට උත්තරයි වලින් ඝාතකය හොයා ගන්න එක...
හෝව්....හෝව්... ජානක මහත්මයා..... මොකක්ද කිවුවෙ.. උණ්ඩ පහක් ?..මම ඒක කලින් දැනගෙන හිටියෙ නැහැනෙ...උණ්ඩ තුනක් තාප්පෙ තතවම තියෙනවද ? එහෙමනම් හරි.. ඒ වෙඩි තුන වැදිල තියෙන්නෙ කොයි හරියෙන්ද කියල මට පෙන්වන්න පුළුවන්ද ?
ඔය තුවක්කුවෙ ලෙන්සයෙන්ම බලන්න හෝම්ස් මහත්මයා...එතකොට පෙනේවි..බලන්න බිම ඉ`දල අඩි එකහමාරක් , දෙකක් උඩින් වෙඩි තුනම ඇති...
ඔහ්....හෝ... පැහැදිලියි.... පැහැදිලියි... හරිම පැහැදිලියි....ඒ වුණාට උපුල් මහත්මයා මෙතන වැටිල තියෙන්නෙ පතුරම් කොපු තුනයිනෙ යෝ අනික් දෙක ?
හැබෑට....ඒක නම් එහෙම තමා... ඒ වුණාට ඒකෙන් වැඩක් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ.....
එහෙමනම් අපි යමු සිරුර තියෙන තැනට..
---------------------------------- කුරුලු ය -------------------------------
No comments:
Post a Comment