මේ සියල්ල බලා සිටි ජානක මා දෙස බලා සිටියේ සැකමුසු බැල්මකිනි....හෝම්ස්ගේ මෙම හැසිරීම මටද ප‍්‍රහේලිකාවක් විය....
තවත් විනාඩි දහකට විතර පසු හෝම්ස් දුහුවිලි පිස දමමින් අපසෙට එනු පෙනින....
හප්පා වහලෙ හරියෙ කුණු..මං හිතන්නෙ සුද්ධ කරල නෑ අවුරුදු ගානකට...පිලි වල කොළ රොඩු පිරිල...මොකුත් හොයා ගත්තද හෝම්ස් මහත්මයා ..
අපොයි ඔව්... සෑහෙන දේවල් .... ගිනිකූරු, සිගරට් කොටයක්......
කටඋත්තර ගැනීම අවසන් බව එතැනට පැමිණි නිලධාරියෙක් ජානක මහත්මාට දැනුම් දුනි....
එහෙනම් හෝම්ස් මහත්මයා මගෙන් තව මොනවද කෙරෙන්න ඕන ?
මුකුත් නැමැ.. හැබැයි මට කට උත්තරේ පිටපතක් ඕන....
හො`දමයි....
ඉතිං ජානක මහත්මයා ඔබ කොහොමද මේක විස`දන්න බලාපොාරාත්තු වෙන්නෙ....?
විස`දන්න....? මේක විසදල ඉවරයිනෙ අපි අදම රයිෆලයෙ ඇඟිලි සලකුණු බලල අදාල කෙනාව අත්අඩංගුවට ගන්නව..අපට දැනටමත් ආරංචියක් ඇවිල්ල තියෙනව අංක තහඩු නැති වාහනයක් පුද්ගලයන් කීප දෙනෙක් එක්ක අත්අඩංගුවට අරන් කියල..සමහර විට ඒ අපි හොයන අය වෙන්න පුළුවනි..එහෙම වුණොත් ලේසියි.....
ඔහ්.....හෝ..... ලංකාවෙ පොලීසිය හරි දියුණුනෙ...
ආ මෙන්න සර් පිටපත...
ජානකට ලැබුණු කට උත්තරේ පිටපත ඓා්ම්ස්ට ලබාදුනි..
එහෙමනම් අපි ගිහිල්ල එන්නම්.. වැඩි විස්තර තිබුණොත් දන්වන්න...ඒ වගේම උදව්වක් අවශ්‍යනම් කියන්න...
හොඳමයි... හෝම්ස් මහත්මයා.....බොහොම ස්තූතියි ආවට....
ආ........ තව එකක්... ඔහෙල මේක විස`දන්න බලාපොරොත්තු වෙනවනම්, ඔක්කොටම ඉස්සර වෙලා මේ වැහි පීලි සුද්ධ රල දාන්න...ඒවගෙ හරියට ජරාව පිරිල..වැස්සොත් ගේ ඇතුලට වතර දාන්න පුළුවන් ........ හො`දයි අපි ගිහිල්ල එන්නම්......
වස් කාලයම හෝම්ස් තමා විසින් සොයා ගත් සිගරැුට් කොට හා ගිනිකූරු පරීක්‍ෂා කරමින් කාලට ගෙවන්නට විය..
මම එදින උදෑසන සිදුවීම ස`දහන් පුවත්පත් කියවමින් කල් ගත කළෙමි..
ඒ අතරතුර හෝම්ස් නිවෙස් හි කාන්තාවගේ කටඋත්තරේ පිටපත පරීක්‍ෂා කරමින් සිටියේය..
ඔහුට ? කෑමද අමතක වූවාක් වැනිය...
⋆ ⋆ ⋆ ⋆
පසුදා උදෑසනම ගමනක් යෑමට සූදානම් වන ලෙස පවසමින් මා අවදි කළේය....
වහා නැගිට සූදානම් වූ මම පහත් මාලයට බසින විටත් , හෝම්ස් බයිසිකලය පණ ගන්වා මා බලාපොරොත්තුව සිටියේය...
අපි ආපහු අර ඇමති තුමා මරා දාපු නිවසට යන්නේ... යතුරුපැදිය පණ ගැන්වූ හෝම්ස් මට පවසා ඉදිරියට ධාවනය කළේ විදුලි වේගයෙනි....
විනාඩි විස්සක පමණ කාලයකදී අපට අදාල ස්ථානය වෙත ල`ගා වීමට හැකිවිණි. ඒ වන විටත් පොලිස් පරීක්‍ෂක උප්ල් මහත්මයා පැමිණ සිටියේය.
.
සුභ උදෑසනක් ජානක මම පොඞ්ඩක් පරක්කු වුණා..
ඒකට කමක් නෑ.. ඇයි මට එන්න කිවුවෙ...?
එන්න කිවුවෙ අපරාධකාරය අල්ල ගන්න..
අපරාධකාරය අල්ලන්න...? අපි ඒක දැනටමත් කරගෙන යනවනේ....මම හිතන්නෙ අද හවස්වෙන කොට අල්ල ගන්න පුළුවන් වේවි...
හහ්.......හහ්......හා..... අද හවස් වෙනකම් ඉන්න ඕන නෑ...යං මම අල්ලල දෙන්න.. හැබැයි මේ නියම අපරාධකාරය.....
නියම අපරාධකාරය...?
ඔව්.. එයා පැනල යන්න කලින් එයාව අල්ල ගමු.....යමු
එසේ පැවසූ හෝම්ස් නිවස දෙසට පිය නගන්න විය...
බලෙන් මෙන් නිවසට ඇතුල් වූ අප නිවෙස් හිමි ඒ කාන්තාව සොයා ගියෙමු....ඒ වන විට ඇය කෑම කාමරයේ උදෑසන ආරය ගනිමින් සිටියාය...
-------------------------------------- කුරුළුය -----------------------------
